නව ජනාධිපති වශයෙන් අනුර කුමාර දිසානායක පත් වීමෙන් පසු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (23) දිනයේදී සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තේරී පත් වූ බැවින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) (ආ) වගන්තිය ප්‍රකාරව, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ අග්‍රාමාත්‍ය ධූරයෙන් තමා ඉල්ලා අස්වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ.
Comments




