Tuesday, April 21, 2026
spot_img
spot_img

Breaking: අනුර කුමාරගෙන් විශේෂ නිවේදනයක්

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා එම කාර්යය ඉතාම නිවැරදිව හා නිරවුල් ලෙස සිදු කිරීමට මැතිවරණ කොමිසම හා ඊට අදාළ නිලධාරීන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ජාතික ජනබලවේගය පවසනවා.

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජනබලවේගය අවධාරණය කර ඇත්තේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ කටයුතු කරනු ඇති බව ඔවුන් විශ්වාස කරන බවයි.

මේ තත්වය තුළ රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක්ය යන්න විශ්වාස කරන බවත්, පශ්චාත් මැතිවරණ කාලයේ රට තුළ උපරිම සාමකාමී තත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවත් ජාතික් ජනබලවේගය තවදුරටත් පවසනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...