Monday, April 20, 2026
spot_img
spot_img

ලෝක කුසලානයට ඇමෙරිකාවෙන් ක්‍රිකට් පිටියක්

එළඹෙන ජුනි මස 02 වනදා ආරම්භ වන විස්සයි විස්ස ලෝක තරඟාවලිය වෙත ලොවපුරා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය මේ වනවිටත් යොමුවී අවසන්.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පසුදින එනම් ජුනි මස 03 වනදා සිට තරග පැවැත්වෙන සුවිශේෂී ක්‍රීඩාංගණයක් පිළිබඳව සුවිශේෂී කතාවක් වාර්තා වනවා.

Nassau County International Cricket Stadium නිව්යෝක් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තවමත් තණකොළ ගහක්වත් නැතිවීම විශේෂත්වයක් වන අතර, තවත් මාස 03ක් පමණක් ඉතිරිව තිබියදී අමෙරිකාව ක්‍රීඩාංගණය ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

34,000කට එකවර තරගය නැරඹිය හැකි පහසුකම් සහිතව ඉදිවන මෙම ක්‍රීඩාංගණයේ මාසයක ප්‍රගතිය මුල්වරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ මුල්වරට එළිදක්වා තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලිය සඳහාම ඉදිවන මෙම ක්‍රීඩාංගණය වෙත ලෝකයේම අවධානය යොමුවූ තවත් හේතුවක් වන්නේ ක්‍රිකට් ලෝකයේ ආන්දෝලනාත්මක තරගයක් වන ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගය ද මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමයි.

මූලික වටයේ තරගවලදී ඉන්දීය කණ්ඩායම තරගවදින තරග ත්‍රිත්වයක්ම මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීම තවත් සුවිශේෂී කරුණක් වනවා.

මේ අතර මෙම නව ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 2024 ලෝක කුසලාන තරගාවලියේ මංගල තරගය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...