spot_img
spot_img

ජනාධිපතිවරණයේ විශේෂ සිදුවීම් වාර්තා කරන්න මෙහෙයුම් මැදිරියක්

2024 ජනාධිපතිවරණයේ විශේෂ සිදුවීම් වාර්තා කිරීම වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

නව පොලිස් මූලස්ථානයේ 09 වන මහලේ ස්ථාපිත කර ඇති මෙම මෙහෙයුම් මැදිරිය මගින් ජනාධිපතිවරණ දිනය ,පෙර දින මෙන්ම පශ්චාත් මැතිවරණ සමය තුළ සිදුවන විශේෂ සිදුවීම් වාර්තා කර අවශ්‍ය ප්‍රතිචාර දැක්වීම සඳහා තොරතුරු ගලායන ජාලයක් පවත්වා ගන්නා බව පොලීසිය කියයි.

ත්‍රිවිධ හමුදා මාණ්ඩලික නිලධාරීන්, පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් මෙම මෙහෙයුම් මැදිරියේ රාජකාරි සඳහා අනුයුක්ත කර දිවයින පුරා පොලිස් ස්ථාන, ඡන්ද මධ්‍යස්ථාන, බුද්ධි නිලධාරීන් හා සම්බන්ධ වෙමින් ඡන්ද දිනය තුළ සියලු කටයුතු නීත්‍යානුකූලව සිදුවන අයුරු අධීක්ෂණය කරන බවද පොලිස් මූලස්ථානය පවසයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...