spot_img
spot_img

ඩෙංගු රෝගීන් 38,088ක්

මේ වසරේ ජනවාරි සිට ඊයේ (16දා) දක්වා ඩෙංගු රෝගීන් 38,088ක් වාර්තා වී තිබෙන බව ස්‍යෙඛ්‍ය අංශ පවසනවා.

එම රෝගීන්ගෙන් 24.8%ක් වන රෝගීන් 9451ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන බවයි පෙන්වා දන්නේ.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4381ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2097ක් වශයෙන් වාර්තා වනවා.

ඒ අනූව බස්නාහිර පළාතෙන් රෝගීන් 15,929ක් වාර්තා වී තිබෙන අතර එය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස 41.8%ක් බවයි සඳහන් වන්නේ.

උතුරු පළාතෙන් රෝගීන් 4738ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 3,895ක් වාර්තා වන බවයි පැවසෙන්නේ.

වයඹ පළාතෙන් රෝගීන් 2521ක් හා දකුණු පළාතෙන් රෝගීන් 2834ක් වාර්තා වී තිබෙන අතර සබරගමුව පළාතෙන් රෝගීන් 3875ක් වාර්තා වී තිබෙනවා.

මේ මාසයේ ගෙවුණු දින කිහිපයේදී රෝගීන් 1,446ක්ද පසුගිය මාසයෙහිදී රෝගීන් 3,897ක්ද වාර්තා වු බව ස්‍යෙඛ්‍ය අංශ පවසනවා.

මේ අතර 2024 වසරේ ගෙවී ගිය කාලයට ඩෙංගු රෝගය වැලඳීම නිසා පුද්ගල මරණ 17ක් සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...