spot_img
spot_img

මඩගැසීම් සහ අවලාද දේශපාලන සංස්කෘතිය රටින් ඉවත් කළ යුතුයි

මඩගැසීම් සහ අවලාද වලින් යුත් දේශපාලන සංස්කෘතිය රටින් ඉවත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ආණමාඩුවේ පැවැති ජන රැලිය අමතමින්.

එහිදී ඔහු කියා සිටියේ පටු දේශපාලන වාසි අපේක්ෂා කරන කණ්ඩායම් පරණ සටන් පාටම දේශපාලන වේදිකාවේ විකුණමින් ඡන්ද ලබා ගැනීමට උත්සාහ කරන බවය.

නූතන පරම්පරාවට ගැලපෙන විදියට ඔබේ දරුවාගේ අධ්‍යාපනය ගොඩනගන්න ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු කියා සිටියා.

එමෙන්ම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ උපාධිය දක්වාත් තාක්ෂණික පුහුණුව වගේම නිපුණතාවය ලබා දීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කර සිටියා.

හැම ආසනයකටම කර්මාන්තශාලාවක් නොමැති නම් දේශිය හා විදේශීය ආයෝජකයන්ගේ සහාය ඇතිව කර්මාන්තශාලාවක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු කියා සිටියා.

එහිදී වැඩිදුරටත් කියා සිටි ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ “සමෘද්ධිලාභීයා හැමදාම සමෘද්ධිලාභීයෙක් නොකොට ආදායම් උත්පාදනය කරන්නෙක් සහ ව්‍යවසායකයෙක් බවට පත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. නැවත වතාවක් මේ රට බෙදන්නත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉඩම් සහ පොලිස් බලතල ලබාදෙන්නත් අපි ඉඩ තියන්නේ නෑ. නැවත වරක් මේ ජනතාව මායිම් ගම්මානයකට සීමා කරන්න ඉඩ දෙන්නේ නෑ. ඔබ ගොඩනැගු දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එළඹෙන 21වෙනිදා දිනවන්න අවශ්‍ය පියවර ගතයුතු වෙනවා. ඒ වගේම මේ රට දියුණු රටක් බවට පත් කිරීමේ වගකීම ද මම භාර ගන්නවා ” යැයි ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...