spot_img
spot_img

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් සහ කොමිසමේ සාමාජිකයින් අතර හමුවක්

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ තිබෙන විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවත් අද පැවැත්වීමට නියමිතව තිබේ.

අද (17) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයින් අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව ද මෙය වේ.

නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය හෙවත් ඇන්ෆරල් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් මෙම සාකච්ඡාවට සහභාගී වනු ඇත.

මෙම නිරීක්ෂකයින් හෙට දිනයේ සිට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යෑමට නියමිත බැවින් ඔවුන් මෙලෙස අද දිනයේ දී මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් හමුවීමට නියමිතය.

මේ අතර ජනාධිපතිවරණ සමයේ අවසන් සතිය තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම ඉතා අත්‍යාවශ්‍ය බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, ඇතැම් සාවාද්‍ය කාරණා සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇතිකර ගත නොගත යුතු බවය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...