spot_img
spot_img

සමාජ මාධ්‍යය සඳහා මැතිවරණ කොමිසමෙන් විශේෂ වැඩපිළිවෙළක්

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වූ පසු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරයන් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව, මැතිවරණ කොමිසම පවසනවා.

නිහඬ කාලසීමාවේ කිසිදු ප්‍රචාරණයක් සිදුකිරීමට නීතියෙන් තහනම් බව එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළා.

එහෙත්, ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය යොදා ගනිමින් නීතිවිරෝධීව ජනාධිපතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඔහු පවසනවා.

නිහඬ කාලසීමාවේ සමාජ මාධ්‍ය ප්‍රචාරණය සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය ගැන අදාළ ජාත්‍යන්තර සමාගම් සමග සාකච්ඡා කර ඇති බව සභාපතිවරයා සඳහන් කළා.

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...