spot_img
spot_img

ශිෂ්‍යත්ව විභාගය අද

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,849ක් දී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, විභාගය පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිත අතර, පෙරවරු 09ට පෙර සියලුම විභාග අපේක්ෂකයින් විභාග ශාලාවේ අසුන් ගතයුතු බවයි.

කිසිදු ගැටලුවකින් තොරව විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා කිසිවෙකුට අවසර ලබාදී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවා.

ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වීමට පෙර සහ විභාගය අවසන් වීමෙන් පසුව ද දරුවන්ගේ මානසික මට්ටම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...