spot_img
spot_img

ඡන්ද කාඩ් නොලැබුණු අයට දැනුම්දීමක්

ලබන සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුනු පුද්ගලයින්ට, ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

දීර්ඝ නිවාඩුවක් එළඹීම නිසා තැපැල් කාර්යාල වසා තැබීම ඊට හේතුව බව තැපැල්පති ආර්.පී. සත්කුමාර මහතා කියා සිටියා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම ඊයේ දිනයෙන් අවසන් කෙරුණා.

ඒ අනුව, මෙතෙක් එම පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට අදාළ තැපැල් කාර්යාල වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර ලබාගත හැකියාව තිබෙනවා.

කෙසේ වෙතත්, මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර නිවේදනය කර තිබුණේ, ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අත්‍යාවශ්‍ය නොවන බවයි.

ඒ වෙනුවට ජාතික හැදුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හා රියදුරු බලපත්‍රය ඇතුලු වලංගු අනන්‍යතා ලේඛන 9ක් එම කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළා.

මේ අතර, ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව මේ වන විට 4,031 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...