spot_img
spot_img

දුමින්ද සිල්වා ඇතුලු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත් ඇතුළු විත්තිකරුවන් සියලුදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංඛ මහතා ඊයේ (13) එම විත්තිකරුවන්ට දැනුම් දී තිබෙනවා.

නීතිවිරෝධී T56 ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම, ඒ සඳහා ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, 17 වැනි චෝදනාව ගොනුකර තිබුණා.

2018 වසරේ ඔක්තොම්බර් 11 වැනිදා නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ එකී තීන්දුව අනුව මහාධිකරණය විසින් ආර්. දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට 2016 සැපැතැම්බර් 08 වැනිදා එකී චෝදනාවට නියම කළ ජිවිතාන්තය දක්වා වූ සිරදඬුවම බලශුන්‍ය වන බවත් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කොට තිබූ චමින්ද රවි ජයනාත් (දෙමටගොඩ චමින්ද) හා සරත් බණ්ඩාර (එස්.එෆ්. සරත්) යන විත්තිකරුවන්ට විනිසුරුවරයා පහදා දී තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ආර්.දුමින්ද සිල්වා මහතා, මෙම අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර බන්ධනාගාර නිලධාරීන් ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විත්තිකාර ආර්.දුමින්ද සිල්වා මහතාට දැනුම් දෙන ලෙස කරුණු සළකා බැලූ විනිසුරුවරයා නියෝග කළා.

එමෙන්ම මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ එකී තීන්දුව අනුව 7 වන විත්තිකාර සරත් බණ්ඩාර නැමැත්තාට නව බන්ධනාගාර බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසටද මහාධිකරණ රෙජිෂ්ට්‍රාර්වරයාට නියෝග කර ඇති බවද සඳහන්.

මෙහිදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ රවින්ද්‍ර ද සිල්වා මහතා පෙනී සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...