spot_img
spot_img

නීතිවිරෝධීව රැගෙන ආ ඖෂධ තොගයක් හසුවෙයි

පිළිකා මර්දන එන්නත් ඇතුළු ඖෂධ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ බැංගලෝර් සිට මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා ඖෂධ තොගයක් නීතිවිරෝධි ලෙස මෙරට රැගෙනවිත් ඇති බවයි වාර්තාවන්නේ.

මොහු මෙලෙස ඖෂධ රැගෙනවිත් රටපුරා පිහිටි පෞද්ගලික ඔසුසැල් සහ රෝහල් වෙත අලෙවි කිරීමේ ජාවාරමක නිරතවී සිටි පුද්ගලයෙකු බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථ ආශ්‍රිතව හට ගන්නා පිළිකා මර්දනයට යොදාගන්නා එන්නත්, කාන්තාවන්ගේ සරු බව වර්ධනය කිරීමට යොදාගන්නා ඖෂධ ඇතුළු ඖෂධ රැසක් ඔහු සතුව තිබූ ඖෂධ අතරට අයත් බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...