spot_img
spot_img

ඡන්දෙ දවසේ දුරකථන තහනම්

ජනාධිපතිවරණයේදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජනාධිපති ධූර අපේක්‍ෂකයන්ට සහ ඡන්දදායකයන්ට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ, ජනාධිපති අපේක්‍ෂකයන් ඡන්ද සළකුණු කරන අවස්ථාව ඡායාරූප ගැනීමට සහ විඩියෝ කිරීමට අවසර ලැබුණද ඡන්ද දින පස්වරු 4.00 ට පෙර ඒවා පළකිරීම සහ ප්‍රචාරය කිරීම තහනම් බවයි.

තැපැල් ඡන්දය පාවිච්චි කරන අවස්ථාවට ජංගම දුරකථන ගෙන යෑමට අවසර දීමෙන් පසුගිය දිනවල වූ දේවල් බරපතල බවත් ඡන්ද සළකුණු අවස්ථාව ඡායාරූප ගැනීම නොව තමන් ඡන්දය දැමේ කාටද යන්න ප්‍රකාශ කිරීම පවා නීතිවිරෝධී බවද ඔහු සඳහන් කළා.

මැතිවරණවලදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජංගම දුරකථන ගෙන යෑමට මීට පෙර තහනමක් පනවා නොතිබුණා.

ඒ සම්බන්ධයෙන් ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් :

“මාධ්‍ය උපමානවලට සාමාජ මාධ්‍ය ඇතුළත් කරලා තිබුණත් සමාජ මාධ්‍ය නීතිවලට ඇවිත් නැහැ. අපි කරන්නේ පුළුවන් තරම් ශක්තිය දාලා සිද්ධවෙන ඒවා නතර කරන්න. අනෙක් මාධ්‍යවලටත් ඒකම තමයි. නඩු දානවා… අරවා මේවා කරනවා කියලා මං කිව්වේ නැහැ. අපිට කරන්න පුළුවන් තව දේවල් තියෙනවා.”

“සමහර මාධ්‍ය අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයෙන් යනවා නම් අපි කරන්නේ කොමිසම සහ ඒ මාධ්‍ය ආයතනය අතර තිබෙන සියලු සම්බන්ධතා නතර කරනවා. නිල ප්‍රතිඵල නිකුත් කිරීමේදී අපි සලකා බලනවා ඒ ආයතනයට නිල ප්‍රතිඵල නිකුත් කරනවා ද? නැද්ද ? කියලා.”

18 වනදායින් පස්සේ එන්නේ පැය 48ක නිහඬ කාලයක්. ඒ කාලය තුළ මාධ්‍ය කොයි ආකාරයෙන්ද හැසිරෙන්නේ කියන එක විශේෂයෙන් වැදගත්. මේ පැය 48 නිදහසේ ඉන්න දීලා තියෙන්නේ ඡන්දදායකයාට අන්තිම තීරණය ගන්න පහසු කරන්න.

“ඡන්ද විමසීම් කාලසීමාව තුළදී ඡන්දදායකයෙකුට හෝ අපේක්ෂකයෙකුට දුරකථන රැගෙන ඡන්ද පොළට යන්න බැහැ කියලා අපි තහනමක් පනවා තිබෙනවා. ඡායාරූප ලබාගැනීම සම්පූර්ණයෙන් තහනම්. තැපැල් ඡන්දයේදී එහෙම කරපු අය දැන් ඉන්නේ අත්අඩංගුවේ.”

“මේක ඉතාමත්ම ආන්දෝලනාත්මක ඡන්ද විමසීමක්. මේකෙදි පළමු අදියරේ ගණන් කිරීම් නතර කිරීමට එක ඡන්දයක් ප්‍රමාණවත් වෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...