spot_img
spot_img

නාමල්ගේ රැස්වීමට ගල් ප්‍රහාරයක් – දරුවෙකුටත් තුවාල

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලිසිය පවසන්නේ,රැස්වීම් භූමියට ගල් ප්‍රහාර තුනක් පමණ එල්ල වී ඇති බවයි.

එමෙන්ම එහිදී රැස්වීමට පැමිණ සිටි ළමයකු තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පවසන්නේ.

ගල් ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මයුරපුර රොටරි පාරේ පදිංචිව සිටින දරුවෙක්.

මෙම ජන හමුවට නාමල් රාජපක්ෂ චමල් රාජපක් සහ ශිරන්ති රාජපක්ෂ සහභාගී වීමට නියමිතව තිබෙන බවයි වාර්තාවන්නේ.

සිද්ධිය සැලවීමත් සමග ඔවුන් රැස්වීමට පැමිණ තිබුණේ නැති අතර ශිරන්ති රාජපක්ෂ මහත්මිය තුවාල ලැබූ දරුවා සුව දුක් විමසීමට රෝහලට පැමිණ තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...