spot_img
spot_img

ඡන්ද වැඩට දරුවන් එපා

දරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පාවිච්චි නොකරන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබෙනවා.

මේ දිනවල දරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සම්බන්ධයෙන් වීඩියෝ සහ ඡායාරූප සංසරණය වෙමින් පවතිනවා.

ඒ පිළිබඳව “සුරකිමු දරුවන්” ජාතික ව්‍යාපාරය අද (11) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ”සුරකිමු දරුවන්” ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ප්‍රියන්ත හේරත් මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කළත් කිසිදු පියවරක් ගෙන නැති බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ ළමාරක්ෂක අධිකාරියට මැදිහත්වී මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට වගකීමක් තිබෙන බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා,

“කරුණාකරලා, පරමාධිපත්‍ය බලය සහ ජනතාවගේ ඡන්දය වෙළෙඳ භාණ්ඩයක් කරගන්නේ නැතුව අනාගත පරම්පරාව, වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින්ගේ වගකීමක් තියෙනවා. ඒ වගේම මේවා දිහා බලාගෙන ඉන්න ඡන්දදායකයින්ටත් වගකීමක් තියෙනවා තමන්ගේ ඡන්දය මොන ආකාරයෙන් ද පාවිච්චි කරන්නේ කියලා හිතන්න. ළමා ආරක්ෂණ අධිකාරියේ වගකීමක් මැදිහත් වෙලා ඒවා බලන එක. ඒක අමුතුවෙන් මැතිවරණ කොමිසමෙන් මතක් කළ යුතු දෙයක් නෙමෙයි.”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...