spot_img
spot_img

සජිත් පරද්දන්න පක්ෂයෙන්ම කුමන්ත්‍රණයක් ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට සමඟි ජන සන්ධානයට එක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතාට ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයක දී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට අවස්ථාවක් ලබා දීමට හැකියාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කළ ප්‍රකාශයත් සමඟ දෙදෙනා අතර ඇති වූ විරසකය මේ වනවිට උග්‍ර අතට පත් වෙමින් තිබෙනවා.

සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව ඇමතූ වසන්ත යාපා බණ්ඩාරට මහනුවර ජනරැළියේදී ජනතාව ඇමතීමට ලක්ෂ්මන් කිරිඇල්ල හිතාමතාම අවස්ථාවක් නොදීම තුළින් මෙය පැහැදිලි වන බවයි වාර්තාවන්නේ.

මහනුවර ජනරැළිය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් සංවිධානය කර ඇති අතර ඔහුගේ දියණියට පවා කතාවක් ලබා දී තිබියදී දිස්ත්‍රික්කයේ කිසිදු ආසන සංවිධායකවරයෙකුට ජනතාව ඇමතීමට අවස්ථාවක් ලබා නොදීම ද මේ වන විට ප්‍රශ්න කරන තත්ත්වයක් දක්වා දුර දිග ගොස් තිබෙනවා.

ඉදිරි මහ මැතිවරණයකදී ලක්ෂ්මන් කිරිඇල්ල ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමේ අවස්ථාව දියණියට ලබාදීමට සැලසුම් කර තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කිරිඇල්ලගේ දියණියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අසලින්ම අසුනක් ලබා දී තිබියදී සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ආසන සංවිධායකවරුන්ට ආසනයක් හෝ පැනවීමට රැලිය සංවිධානය කළ ලක්ෂ්මන් කිරිඇල්ල ගේ හිතවාදීන් කටයුතු නොකිරීම පිළිබඳව එම ආසන සංවිධායකවරු දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බවද වැඩිදුරටත් වාර්තාවනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...