spot_img
spot_img

ඡන්ද පත්‍රිකාව නොලැබුණොත් කළ යුතු දේ

සැප්තැම්බර් 14 දින වන විට යම් අයෙකුට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැතිනම් හැඳුනුම්පත සමග අදාළ තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර තමාගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා.

මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් ඡන්ද දායකයින්ට එම අවස්ථාව හිමි වෙනවා.

ඔහු ඊයේ (10) සඳහන් කළේ මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10කට අධික ප්‍රමාණයක් බෙදා හැර ඇති බවයි.

ඉතිරි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඉදිරි දින කිහිපයේදී ඡන්ද දායකයින්ට බෙදා හැරීමට කටයුතු කරන බවද ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 14 වනදා වනවිට නිම කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවද රාජිත රණසිංහ මහතා තවදුරටත් සඳහන් කළා.

මේ අතර, නිල ඡන්ද පත්‍රිකාවලින් 80%ක් මේ වනවිට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, ඒවා විශේෂ ආරක්ෂාවක් යටතේ ගබඩා කර ඇති බවයි.

මේ සතිය අවසන් වනවිට නිල ඡන්ද ප්‍රතිකා මුද්‍රණය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය මුද්‍රණාලය පෙන්වා දෙනවා.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙනවා.

මෙවර මෙම මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 17.44ක් බව මැතිවරණ කොමිසමේ දත්ත පෙන්වා දෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...