spot_img
spot_img

රථවාහන වැරදිවලට දඩ ගෙවන්න ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක්

රථ වාහන මාර්ග නීති උල්ලංඝණය වූ අවස්ථා වලදී අධිකරණයට ඉදිරිපත් නොකරන වැරදි සඳහා අය කෙරෙන දඩ මුදල් එකතු කිරීමේ ක්‍රම වේදය සහ රියදුරු අවාසි සහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික විසඳුමක් හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රජය පවසන්නේ මෙම ක්‍රමවේදය හඳුන්වා දීම සඳහා සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගැනීම පිණිස ද්විත්ව කවර ක්‍රමය යටතේ යෝජනා කැඳවා තිබූ බවයි.

ඒ සඳහා ලංසුකරුවන් 09 දෙනෙකු විසින් යෝජනා ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය මත පදනම්ව අදාළ ප්‍රසම්පාදනය Millenium I.T.E.S.P (Pvt) Ltd. and Metropolitan Technologies (Pvt) Ltd. Joint Venture වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...