spot_img
spot_img

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4041 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

එහිදී වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන්.

එම පැමිණිලි සංඛ්‍යාව 2947ක්.

මේ අතර පෞද්ගලික බස් රථ ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික වාහන ජනාධිපති අපේක්ෂකයන් සහ පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ සළකුණ ඡායාරූප සහ ස්ටිකර් කොඩි යනාදිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි පවසන කොමිසම මෙම ප්‍රචාරක ද්‍රව්‍ය ගලවා ඉවත් කිරීමට සෑම පොලිස් බල ප්‍රදේශයකම හදිසි සෝදිසි කිරීම් කරන ලෙසට පොලිසියට උපදෙස් දී තිබෙනවා.

මැතිවරණ කොමිසන් සභාව පෙන්වා දෙන්නේ, ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයෙන් වාහනවල ස්ටිකර් ප්‍රදර්ශනය කිරීම 1981 අංක තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ 74 වගන්තයේ යටතේ එන දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...