spot_img
spot_img

සජිත්ටයි අනුරටයි රනිල්ගෙන් චෝදනා

තමා රටේ නායකත්වය භාරගත්තේ වෙනත් අයෙක් නොසිටි නිසා බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු පවසන්නේ, ජනතාව දුකසේ සිටින විට සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක ජනතාව වෙනුවෙන් අත් නොඉස්සු බවයි.

ඔවුන් දැන් බලය ලබාගැනීමට ඉදිරිපත් වී ඇත්තේ කෑදරකමට බවයි ඔහු පවසන්නේ.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, කොස්ගම පැවති ජනහමුවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:

“අනිත් අය කියන්න මොකක්ද කළේ කියලා. අපිට වේදනාවක් තිබුණා. වේදනාව තිබෙන නිසා ක්‍රියා කළා. ඒ අයට වේදනාව තිබුණේ නැත්ද? ඔබේ දුක දැක්කේ නැත්ද? දරුවෝ පාසල් නොයන එක දැක්කේ නැත්ද? අන්න ඒවාට පිළිතුරු දෙන්න ඕනේ. මම මෙතෙන්ට ආවේ වේදනාව නිසා. මම ආවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්නලු. ඒ ගොල්ලන්ව ආරක්ෂා කළා නම් ඒ අය මේ වේදිකාවේ ඉන්න එපැයි. ඒ වෙලාවේ වේදනාව දැකලා ආවේ නැති අය ඇයි දැන් එන්නේ? කෑදරකමට.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...