spot_img
spot_img

මුජිබර්ගෙන් හෙලිදරව්වක්

රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජය පිළිගත් මැති ඇමතිවරු 80 දෙනෙකු පමණ ලබන 21 වැනිදා රටින් පිටව යෑම සඳහා මේ වනවිටත් වීසා ලබාගෙන ඇති බව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, අද (09) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව ඇත්තේ බොහෝ දේ විකිණිම හා පෞද්ගලිකරණය ගැන බවයි ඒ මහතා පවසන්නේ.

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය දැකීමේදී ඔවුන් සිහින ලෝකයක සිටින බවට හැඟෙන බව මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ඒ අය දකින සිහින ලෝකය ප්‍රයෝගිකව සිදු කරන්නේ කෙසේ දැයි මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර නොමැති බවයි මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මැතිවරණය හුදෙක් සජත් ප්‍රේමදාස පරදවා අනුර කුමාර දිසානායක දිනවීමේ පරමාර්ථය ඇති බව ඔහු පවසනවා.

එමෙන්ම මන්ත්‍රීවරයා පවසන්නේ, සෑම විමට වේදිකාවේ පවා අනුර මගේ මිත්‍රයා යැයි ජනාධිපතිවරයා පැවසීම තුළින් ගම්‍ය වන්නේ ඔහුගේ කට බොරු කිව්වාත් දිව බොරු නොකියන කියමන අනුව බවයි.

මේ වන විට ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරණ රැළි බොහෝමයක් නවතා ඇති බව දැනගන්නට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...