spot_img
spot_img

එස්. එම්. මරික්කාර්ගෙන් තවත් පම්පෝරියක්

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් වහාම කොලොන්නාව හා මුල්ලේරියාව නගර මෙරට පළමු ස්මාර්ට් නගර ද්විත්වය ලෙසින් ගොඩනගන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසනවා.

ඒ කොලොන්නාව පැවති ජනාධිපතිවරණ ජන රැළිය අමතමින්.

ඒ මහතා පවසන්නේ, සජිත් ප්‍රේමදාස නියත ජනපති පාලන සමය තුළ කොලොන්නාව බලප්‍රදේශය දියුණු කිරීම සඳහා තමා සකසා ඇති යෝජනාවලිය පිළිබඳ ලිඛිතව, කොලොන්නාවේ සියලු ජනතාව අතට මේ වන විට පත් කර ඇති බවයි.

තම පළමු ව්‍යාපෘතිය වූ ලෝ ලෙවල් පාර සංවර්ධනය කළ අයුරින්ම, කොලොන්නාව – ගොතටුව මාර්ගයත්, අඹතලේ – ග්‍රෑන්ඩ්පාස් මාර්ගයත් මංතීරු තුන බැගින් පුළුල් කර අදාළ නගර සීමාවන් වාණිජ නගර ලෙස සංවර්ධනය කෙරෙන බවයි ඔහු පවසන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා ඉතිරිව ඇති ඉතා සුළු වැඩ කොටස නිම කිරීම වෙනුවෙන් අඹතලේ බෝධිය පටුමග හා සේදවත්ත කලු පාලම පොම්පාගාර දෙකත් ඉදිකර දී තම ගංවතුර හා වැසි ජල පාලන වැඩසටහන සම්පූර්ණ කිරීමට මේ වන විටත් සිය අනුමැතිය ලබා දී ඇති බව ඔහු සඳහන් කළා.

කොලොන්නාවේ ජීවත්වන සෑම පුද්ගලයෙකුටම නිවසක්, සෑම දරුවෙකුටම ඉහළ අධ්‍යාපනයක්, තත්වයෙන් උසස් සෞඛ්‍ය පහසුකම් ලබා දෙමින් අතමිට මුදල් ගැවසෙන වාණිජ කොලොන්නාවක් බිහි කර, මෙම බිමේ සෑම පුරවැසියෙකුටම අභිමානයක් ගෙන දීම සිය අපේක්ෂාව බවයි මරික්කාර් මහතා පවසන්නේ.

ඔහු පවසන්නේ, කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමියන් සාහසිකව ඝාතනය කළ අනුරගේ කණ්ඩායමට මේ කොලොන්නාවේ කිසිවෙකු ඡන්දය ලබා නොදෙන බවයි.

ටික දිනෙකට පෙර ඒ කොටිකාවත්ත මංසන්ධියටම අනුර නැවත පැමිණ පැවැත්වූ රැස්වීමට දෙසියයක් පමණ දෙනා වෙනුවෙන් ආසන පනවා තිබූ බවද මරික්කාර් මහතා පවසනවා.

එමෙන්ම මුස්ලිම් සමුළුවක් පැවැත්වීමට අනුර පැමිණි විට ඒ සඳහා 50 දෙනෙකුවත් සහභාගී නොවූ බැවින් එහි ඡායාරූප පවා ඔවුන් පල කර නොතිබුණු බවද ඔහු කියා සිටියා.

පසුගිය වර වැඩි ඡන්ද 17000කින් ජය ගත් කොලොන්නාව, මෙවර ජනාධිපතිවරණයේදී සජිත් දිනවනුයේ වැඩි ඡන්ද 25000 ඉක්මවා බවට මරික්කාර් මහතා වැඩිදුරටත් පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...