spot_img
spot_img

පාස්පෝට් ගැන බලන්න ආගමන විගමන නිලධාරීන් පිරිසක් පෝලන්තයට

විදෙස් ගමන් බලපත්‍ර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පෝලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය හේතුවෙන් මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ අර්බුදයක් නිර්මාණය වී ඇති අතර මේ වන විට එම දෙපාර්තමේන්තුව අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ දිනයක් වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය ද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ඔක්තෝම්බර් මස 25 වනදා මෙරටට ලැබෙනු ඇති බවයි.

ඒ අනුව එදිනට හිස් විදේශ ගමන් බලපත්‍ර 50,000ක් මෙරටට ලැබීමට නියමිතයි.

ඉන් අනතුරුව සති දෙකකට පමණ පසුව තවත් හිස් විදේශ ගමන් බලපත්‍ර ලක්ෂයක ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇති.

කෙසේවෙතත් වසර 05ක කාලයක් තුළ හිස් විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 50ක තොගයක් මෙරටට හිමි වීමට නියමිතයි.

නව හිස් විදේශ ගමන් බලපත්‍රය කළු පැහැති ඉදිරිපසකින් යුක්ත වන අතර එය පෝලන්තයේ නිෂ්පාදනය කරන බව ද ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළා.

ඒ අනුව මෙම විදෙස් ගමන් බලපත්‍ර තොගයේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සොයාබැලීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පිරිසක් පෝලන්තයේ අදාළ කර්මාන්ත ශාලාව වෙත ගොස් ඇති බව සඳහන් වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...