spot_img
spot_img

රනිල් අනුර එක්ක යාලු වෙන්න දැන් පස්සෙන් එනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෑතක සිට “මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර” ලෙස පවසමින් පැමිණෙන්නේ ශේප් වීමට බව ජනාධිපති අපේකෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු පවසන්නේ ජනාධිපතිවරයා “යාළුවා යාළුවා” යැයි කියමින් කෙතරම් ශේප් වීමට පැමිණියත්, මහ බැංකු වංචාව පිළිබඳ​ව, බාර් ලයිසන් දීම් පිළිබඳව, ඉඩම් බෙදීම් පිළිබඳව සහ වංචනිකයන් ආරක්ෂා කරගැනීමට දරණ ලද ප්‍රයත්නයන් පිළිබඳව අනිවාර්යෙන් පරීක්ෂණ පවත්වන බවයි.

ඔහුට ඒක පාර්ශවීයව “යාළුවා යාළුවා” යැයි කියමින් සිටිය හැකි වුවත්, සැප්තැම්බර් 21න් පසුව ඔහුට එම යාළුවාගේ තරම දැනගත හැකි වනු ඇති බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද (08) කොළඹදී පැවති ජාතික ජන බලවේගයේ තරුණ වැඩපිළිවෙළ එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා:

” මෑතකදී අවස්ථා ගණනාවකදීම රනිල් වික්‍රමසිංහ කියනවා මා මිත්‍ර අනුර මගේ යාළුවා අනුර, ඔය ශේප් වෙන්න එන්නේ. රනිල් වික්‍රමසිංහ ඔයාට අපිත් එක්ක ෂේප් වෙන්න බැහැ.මහා බැංකුවේ වංචාව පිළිබඳ පරීක්ෂණ කරනවා. රනිල් වික්‍රමසිංහ ඔයා උත්සාහ කළාට යාළුව යාළුවා කියල ශේප් වෙන්න, ඔයාගේ කාලේ බාර් ලයිසන් දීපු වීඩියෝ හොයනවා. රනිල් වික්‍රමසිංහ ඔයා යාළුවා කියලා ෂේප් වෙන්න ආවට එල් ආර් සීගේ ඉඩම් තමන්ගේ ගජ මිතුරන්ට බෙදපු විදිය හොයනවා. ඔයා මේ රටේ වංචනිකයන් දූෂිතයන් ආරක්ෂා කරපු විදිහත් දූෂිතයන් බේරා ගැනීමට මැදිහත් වූ විදිහත් ජාතික ජන බලවේග ආණ්ඩුව පරීක්ෂණ කරනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...