spot_img
spot_img

ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකල ලංගම රියදුරා අත්අඩංගුවට

මූතූර් ලංගම ඩිපෝව තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ තැපැල් ඡන්දය සලකුණු කළ එම ඩිපෝවේ සේවය කරන රියදුරෙකු සිය ජංගම දුරකථනයෙන් ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් බව මූතූර් පොලිසිය පවසනවා.

පොලීසිය පවසන්නේ, එම තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ සහතික කිරීමේ නිලධාරියා වශයෙන් කටයුතු කළ ඩිපෝ උප කළමණාකාර මොහොමදු අනිපා අන්වර් සදාත් නැමැති අය මූතූර් පොලිසියට කළ පැමිණිල්ලකට අදාළව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකාර රියදුරාට එරෙහිව නඩු පැවරීමට නීතිපති උපදෙස් ලැබෙනතුරු පොලිස් ඇප මත මුදා හැරීමට මුතුර් පොලිසිය කටයුතු කර තිබෙනවා.

මේ අතර ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකළ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පසුගිය 06 පැවති තැපැල් ඡන්ද විමසීමේ දී මෙම ගුරුවරයා සිය ජංගම දුරකථනය මගින් ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකර තිබෙන බවයි පවසන්නේ.

ඡන්ද පත්‍රිකාව ව ඡායාරූප ගත කරන ආකාරය මැතිවරණ රාජකාරී කළ නිලධාරීන් විසින් දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව සැකකාර ගුරුවරයා මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...