spot_img
spot_img

අද විවාදයට එන ජනපති අපේක්ෂකයින්

මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ දෙවැනි අදියර අද (08) පැවැත්වෙනවා.

ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

පළමු දිනය වූ ඊයේ (07) විවාදය සඳහා සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර සහ පී. අරියනේත්‍රන් යන අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතව තිබුණා.

නමුත්, ඒ සඳහා පැමිණ සිටියේ දිලිත් ජයවීර සහ පී. අරියනේන්ත්‍රන් යන අය පමණයි.

සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගි වුණේ නැහැ.

මේ අතර විවාදයට අද (08) සහභාගී වීමට නියමිත අපේක්ෂකයින් සංඛ්‍යාව, 5 ක්.

ඒ අනුව, විජයදාස රාජපක්ෂ,සරත් මනමේන්ද්‍ර,අනෝජ් ද සිල්වා සහ ඕෂල හේරත් යන මහත්වරුන් සහභාගි වීමට නියමිතයි.

මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, අද පස්වරු 3.00 සිට 5.00 දක්වා විවාදය පැවැත්වෙන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...