spot_img
spot_img

මහ බැංකුවෙන් සුබ පණිවිඩයක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා.

සාර්ව ආර්ථික වර්ධනයන්, විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාළ කාල සීමාව සැලකිය යුතු ලෙස ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “2024 අංක 01 දරණ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” නිකුත් කරන ලද අතර එය 2024.07.01 දිනැති අංක 2391/02 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබුණා.

එම රීති 2024.09.04 දින පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලද අතර එදින සිටම බලාත්මක වුණා.

මෙම රීති මගින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම්, අවසරලත් ගෙවීම් සඳහා භාවිතයෙන් අනතුරුව ශේෂයන් ශ්‍රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන් පරිවර්තනය කිරීම සඳහා අදාළ වන කාලසීමාව, අපනයන ආදායම ලැබුණු දින සිට, ලැබීම් ලද මාසය ඇතුළුව ලිත් මාස තුනක් අවසන් වීමෙන් පසු මාසයේ දහවන දිනය දක්වා දීර්ඝ කර තිබෙනවා.

පෙර පැවති රීතිවලට අනුව අපනයන ආදායම ලැබුණු දිනට පසුව එළැඹෙන මාසයේ හත්වන දින අදාළ ශේෂයන් ශ්‍රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන් පරිවර්තනය කළ යුතුව තිබුණා.

මෙම නීතින්ට විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය https://www.dfe.lk/ හරහා ප්‍රවේශ විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...