spot_img
spot_img

මන්ත්‍රීවරු දෙවැනි ගිනි අවියකුත් ඉල්ලලා

ජනාධිපතිවරණයේදී රාජ්‍ය බලය සහ සම්පත් අවභාවිත කිරීම දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ සහ මැතිවරණ කොමිසමේ නියෝග ප්‍රතික්ෂේප කිරීම බරපතල තත්වයක් බවත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා පවසනවා.

ඔහු පවසන්නේ, ඇතැම් වෘත්තීන්වල නිතරව සිටින විශේෂයෙන් කාන්තාවන් ඇතුළු ලක්‍ෂ තුනකට පමණ ඡන්ද අයිතිය අහිමිවීම ද විශාල ගැටලුවක් බවත් රට සිටින ජනතාව ඇතුළු පුරවැසියන් 10%ක් පමණ ඡන්ද අයිතිය අහිමිවී ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ, මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය කොළඹදී අද (06) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදීයි.

මන්ත්‍රීවරු දෙවැනි ගිනිඅවියත් ඉල්ලා සිටීම, වැඩබලන පොලිස්පතිවරයෙක් පත්නොකිරීම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට යෝජනා කිරීම සහ ජනාධිපතිවරයාට පක්‍ෂ නැති රාජ්‍ය අමාත්‍යවරු ඉවත් කිරීම ආදිය රාජ්‍ය බලය පාවිච්චි කිරීමට උදාහරණ බවත් ජනාධිපතිවරයා හෙලිකොප්ටර් පාවිච්චි කරන්නේ ජනාධිපතිවරයා ලෙසද, ජනාධිපති අපේක්‍ෂකයෙක් ලෙස ද යන ගැටලුව ද මතු වන බවත් අර්ජුන පරාක්‍රම මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙන්ම ජනාධිපති අපේක්‍ෂකයා වීම පිළිබඳව නීතිමය ගැටලුවක් ව්‍ය්‍යවස්ථාවෙන්ම නිර්මාණය වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත් කළ ඇමතිවරුන් දෙදෙනාට එම අමාත්‍යංශවල උපදේශක තනතුරු දීම විශාල ගැටලු මතු කරන බවත් ඔහු සඳහන් කළා.

ඡන්දය නොදුනහොත් ගෑස් නැතිවෙයි යැයි ප්‍රකාශ කිරීම තර්ජනයක් බවත් ජනාධිපති අපේක්‍ෂකයන්ට පෞද්ගලිකව අපහාස කිරීම නීති විරෝධී බවත් පරාක්‍රම මහතා පවසනවා.

මැතිවරණවලදී මීට පෙර වාර්තා වූ ශාරීරික ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වුවද ව්‍යුහාතමක තත්වයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ක්‍රියාත්මක වන බව පවසන පරාක්‍රම මහතා පැවසුවේ මැතිවරණ කොමිසම කරන දැනුම්දීම් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...