spot_img
spot_img

තැපැල් ඡන්ද ප‍්‍රතිඵල සමාජ මාධ්‍යවල – මැකෝට පැමිණිලි

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ (04) දිනයෙන් ආරම්භ වූ අතර එය අද සහ හෙට දිනයේදී පැවැත්වෙනවා.

එලෙස තැපැල් ඡන්ද ප්‍රකාශ කළ කිරීම ආරම්භ කළ දිනයේම ලැබුණු ප්‍රතිශත යයි සඳහන් කරමින් විවිධ පක්ෂවලට අපේක්ෂකයන්ට වාසි වන ආකාරයෙන් සකස් කරන ලද සටහන් සමාජ ජාල ඔස්සේ බෙදා හැර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ආරම්භක දිනය වූ ඊයේ ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශතය යැයි සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු ෆේස්බුක් ඔස්සේ ව්‍යාජ තොරතුරක් බෙදාහැර ඇති බවට මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙම පැමිණිල්ලේ සඳහන් වන්නේ, ජනාධිපති මාධ්‍ය අංශයේ කරුණු සත්‍යාපනය පිළිබඳව නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සඳුන් අරෝෂ ප්‍රනාන්දු මහතා මෙසේ අසත්‍ය තොරතුරු බෙදාහැර ඇති බවයි.

නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂවරයා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ පෙරවරු 11.00 වන විට පැවැති අගය යැයි දක්වමින් ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීමක් ලෙසින් ෆේස්බුක් පෝස්ටුවක් නිර්මාණය කර තිබූ අතර එහි රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක යන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනාට ඡන්ද භාවිත කළ ප්‍රතිශත බවට ව්‍යාජ තොරතුරු දැක්වීමක් කර තිබෙනවා.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණනය කිරීමක්වත් සිදු නොකළ පසුබිමක මෙසේ ප්‍රකාශිත තැපැල් ඡන්ද ප්‍රතිශතය එක් එක් අපේක්ෂකයාට ලැබී ඇති ආකාරය බවට හැඟී යන සේ ව්‍යාජ තොරතුරු බෙදාහැරීම බරපතළ වරදක් යැයි මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය කොමසාර්ස් (ආරාවුල් නිරාකරණ) පියුම් ආටිගල මෙනෙවිය පවසා තිබෙනවා.

ඇය පෙන්වාදෙන්නේ, ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කාර්යභාරය පැවැරී ඇත්තේ මැතිවරණ කොමිසමට බවත් ඡන්ද ගණන් නොකළ පසුබිමක මෙවැනි තොරතුරක් බෙදාහැරීම මුළුමනින්ම ජනතාව නොමඟ යැවීමක් බවයි.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත බව දක්වමින් ෆේස්බුක්හි පළ කළ පෝස්ටු ඉවත් කිරීමට මැතිවරණ කොමිසම ක්‍රියා කළේ බවත් ඒ අනුව මෙම වරද සම්බන්ධයෙන් ගත යුතු පියවර මැතිවරණ කොමිසම තීන්දු කරන බවත් එහි කොමසාරිස් එම්.ඒ.පී.සී. පෙරේරා මහතා පවසනවා.

මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මුලින් සිදුකළද ඒවා ගණනය කරන්නේ සැප්තැම්බර් 21 දින ඡන්ද විමසීම සිදු කර අවසන් වුනු පසු බවයි.

මෙමගින් සිදු කෙරෙන්නේ තමන්ගේ අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමක් බවත් සමාජ මාධ්‍යකරුවන්ට මැතිවරණ නීති ගැන පැහැදිළි අවබෝධයක් නැති බවත් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...