spot_img
spot_img

තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (05) දිනයේත් සිදුකිරීමට නියමිතයි.

ඊයේ දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ වූ අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සඳහා ඡන්දය ප්‍රකාශය කිරීමට එහිදි අවස්ථාව ලබා දී තිබුණා.

අද සහ හෙට (06) යන දෙදින තුළ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

එමෙන්ම ඊයේ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පොලිස් නිලධාරීන් සඳහා හෙට දිනයේ ද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.

අදාළ දිනයන්හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ 12 යන දෙදින තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී ඡන්දය සලකුණු කිරීමට හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

මේ අතර සමාජ මාධ්‍ය භාවිත කරමින් ඇතැම් පුද්ගලයින් ව්‍යාජ ලෙස තැපැල් ඡන්ද ප්‍රතිඵල බව පවසමින් තොරතුරු වාර්තා කිරීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවා.

ඒ පිළිබඳව ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්,

“ප්‍රතිඵල නිකුත් කරනවා සමහර සමාජ මාධ්‍යජාල. අපට ලැබිලා තියෙනවා පුද්ගලයෙකු දාපු පෝස්ට් එකක්. මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවටත් අදාළ තැන්වලටත් දැනුවත් කිරීම් සිදුකළා. මෙවැනි ව්‍යාජ ප්‍රතිඵල සඳහන් කිරීම, සාධාරණ මැතිවරණ කඩාකප්පල් කිරීම සඳහා චේතනාන්විතව කරන ක්‍රියාවක් කියලා තමයි පෙනි යන්නේ.

මේ තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුකරන්නේ සාමාන්‍ය ඡන්ද ගන්න කිරීම සිදුකරන දවසේ සැප්තැම්බර් 21 වනදා සවස 4න් පසුව තමයි. එම නිසා මහජනතාවට වැරදි මතයක් ගෙන යාමට කඩාකප්පල්කාරී ක්‍රියාවක් තමයි මේ සිදුකරන්නේ. ඔවුන් ඔවුන්ගේ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට වඩා එයට අගතියක් සිදුකිරීම තමයි කරන්නේ. එම නිසා මෙවැනි වැරදි තොරතුරු ජනගත කරන්න සමාජ මාධ්‍යජාල සහ මේ මත පදනම් වෙලා තමන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති වලට මෙය භාවිත නොකරනු ඇති බව විශ්වාස කරනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරලා තියෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...