ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (01) පැමිණිල්ලක් සිදුකළා.
ඒ, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකළ රැස්වීමකදී සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්.
මෙහිදී ජාතික ජන බලවේගය වෙනුවෙන් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පැමිණි සුනිල් වටගල මහතා සඳහන් කළේ “අනුර කුමාර දිසානයක ප්රමුඛ කණ්ඩායම 22 වෙනිදායින් පසුව ව්‍යාපාර අත් පත් කරගන්නවා, ගෙවල්වලට පනිනවා, යාන වාහන ගන්නවා” යනුවෙන් තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.
එය, හුදෙක්ම පටු, පෞද්ගලික දේශපාලන අරමුණකින් යුතුව සිදු කරන ලද ප්‍රකාශයක් බව සුනිල් වටගල මහතා අවධාරණය කරනවා.
ඔහු තවදුරටත් සඳහන් කළේ, මෙය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතේ තුන්වෙනි වගන්තිය උල්ලංගණය කිරීමක් වන අතර නුදුරේදීම තුෂාර ඉඳුනිල් මහතාට එරෙහිව නීතීමය පියවර ගනු ඇති බවට විශ්වාස කරන බවයි.
එමෙන්ම, මාලිමාව මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන බව දන්නා නිසා තුෂාර ඉඳුනිල් මහතා මෙවැනි ප්‍රකාශ සිදු කරන බව සුනිල් වටගහ මහතා මෙහිදී පවසා සිටියා.




