spot_img
spot_img

බාර් එක වැහුවේ නැත්නම් කාටවත් ඡන්දෙ දෙන්නේ නැහැ

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරිමට ලබා දි ඇති මත්පැන් අලෙවි බලපත්‍රය අවලංගු කිරිමට බළධාරීන් පියවර නොගතහොත් වටවල ප්‍රදේශයේ කිසිදු ජන්ද දායකයකු ජනාධිපතිවරණයේදි කිසිදු අපෙක්ෂකයකුට ජන්දය භාවිතා කිරිමෙන් වැලකි සිටින බව මත්පැන් අලෙවිසල විවෘත කිරිමට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවෝ පිරිසක් පවසනවා.

වටවල කුයිල්වත්ත ප්‍රදේශයට අලුතින් මත්පැන් අලෙවිසලක් විවෘත කිරිමට රජය මගින් නව මත්පැන් බලපත්‍රයක් ලබාදිමට එරෙහිව වතු කම්කරුවන්, ප්‍රදේශවාසින් සහ පාසල් ළමුන් පිරිසක් පසුගිය දින කිහිපය පුරාම එම මත්පැන් අලෙවිසල විවෘත කිරිමට නියමිත ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණවල නිරත වුණා.

උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් කියා සිටියේ තමුන්ට රජයෙන් වැඩිකල රු 1700 වැටුප මෙතෙක් ලබාදිමට රජය කටයුතු නොකර සිටියදි, දැනට දෛනිකව ලබා ගන්නා රු 1000 වැටුපෙන් ජිවත් විමට පවා නොහැකිව ඇති පසුබිමක අලුතින් මත්පැන් අලෙවිසලක් විවෘත කලහොත් තමන් තවත් ආර්ථික වශයෙන් පහතට වැටෙන බවයි.

තවද වටවල සිට හැටන් දක්වා කිලෝමිටර් පහක් තුල මත්පැන් අලෙවිසැල් හතරක් ඇති බවත්, වතුකරයට මෙපමණ මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමනෙ රජය අපෙක්ෂා කරන්නේ වතු කම්කරු ආර්ථික වශයෙන් තවදුරටත් පහළ දැමීමට බවත් උද්ඝෝෂකයන් කියා සිටිනවා.

මේ අතර, උද්ඝෝෂකයන් හමුවට පැමිණි දමිල ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධාක්‍රිෂ්ණන් මහතා පවසා ඇත්තේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරිමට සැලසුම් කර ඇති මත්පැන් අලෙවිසැලට මහජන විරෝධයක් මතුව ඇති නිසා එම මත්පැන් අලෙවිසැලට ලබා දි ඇති බලපත්‍රය අවලංගු කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...