spot_img
spot_img

එංගලන්තය ලකුණු 256ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනට ඊයේ (30) තරගය නතර කරන සිට තම දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 256ක දැවැන්ත ඉදිරියකින් සිටියි.

එංගලන්ත දෙවන ඉනිම වෙනුවෙන් බෙන් ඩකට් නොදැවී ලකුණු 15ක් හා නායක ඔලී පොප් ලකුණු 02ක් රැස්කරගෙන සිටියේය.

බිඳවැටුණු එකම කඩුල්ල වූ ඩෑන් ලෝරන්ස් ලකුණු 07ක් රැස්කරගෙන සිටියදී දවාගැනීමට ලහිරු කුමාර සමත් විය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට රැස්කළේ සියලු දෙනා දැවී ලකුණු 196ක් පමණි.

ඒ හේතුවෙන් ලකුණු 231ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹීමට එංගලන්ත කණ්ඩායමට අවස්ථාව උදාවිය.

අද (31) තරගයේ තෙවැනි දිනයයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...