spot_img
spot_img

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත්කෙරේ

ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, සැප්තැම්බර් 04 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එමෙන්ම සැප්තැම්බර් 04 සහ 06 යන දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල දී නිල ඇඳුම් කාර්යය මණ්ඩල සහ එම කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්යය මණ්ඩලයට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතින බව සඳහන්.

සැප්තැම්බර් මස 05 සහ 06 යන දෙදින ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවලද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව තිබෙනවා.

මේ අතර, අදාළ දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බවද මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටිනවා.

ඡන්දය සලකුණු කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යය වන අතර ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බව සඳහන්.

කෙසේවෙතත්, රාජකාරී හැඳුනුම්පත භාවිත කරමින් යම් අයෙකු තැපැල් ඡන්ද සලකුණු කිරීම සදහා පැමිණෙන්නේ නම්, එම ඡන්ද හිමියාගේ අනන්‍යතාව පරික්ෂා කිරීම සදහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කාර්යය අධීක්ෂණයට තේරීම්භාර නිලධාරී විසින් පත් කර ඇති නිලධාරියා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටිනවා.

එසේ නොවන අවස්ථාවක දී රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කරන ඡන්ද හිමියන්ට ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබානොදිය යුතු බවට සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව දන්වා තිබෙනවා.

මේ අතර මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පැවසුවේ, මැතිවරණය රාජකාරී සඳහා පොලිස් නිලධාරින් 54,000කට ආසන්න පිරිසක් යෙදවීමට කටයුතු කරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...