කුරුණෑගල රිදීගම විහාරයේ ඇසළ පෙරහර හේතුවෙන් වාහන ගමනා ගමනය සීමා කර තිබෙනවා.
කුරුණෑගල ඓතිහාසික රිදී විහාරයේ අවසන් රන්දෝලි පෙරහර අවසන් ඇසළ මහ රන්දෝලි පෙරහර හෙට (30) වන දින සවස 06.30 සිට රිදීගම නගරය ආශ්‍රිතව විථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
මෙම පෙරහර කාලය තුළ විහාරස්ථානයෙන් ආරම්භ වී කුරුණෑගල කැ පැටිගල මාර්ගයේ හුණු ගල් කඩුල්ල හංදියේ සිට රිදීගම නගරය දක්වා සහ කටුපිල ගොල්ල හන්දියේ සිට රිදීගම නගරය දක්වාත්, මාතලේ- රිදීගම මාර්ගයේ රුක්අත්තන ගහ හන්දිය සිට රිදීගම නගරය දක්වා ගමන් කර නැවත විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතයි.
එම හේතුවෙන් මාර්ගය භාවිතා කරන මහජනතාව සහ රියදුරන් පහත විකල්ප මාර්ගයන් භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටීනවා.
කුරුණෑගල දෙස සිට රිදීගම නගරය හරහා කැප්පැටිගල දෙසට ගමන් කරන රථ වාහන හුණුගල්කඩුල්ල හන්දියෙන් හරවා මොරතිහ, කටුපිල ගොල්ල හරහා කැජ සැටියල දක්වා ගමන් කල හැක.
කැසැටිගල දෙස සිට රිදීගම නගරය හරහා කුරුණෑගල දෙසට ගමන් කරන රජ වාහන කටුසිලගොල්ල හන්දියෙන් හරවා මොරතිහ, හුණු ගල් කඩුල්ල හරහා මාර්ගය භාවිතා කළ හැක.
මාතලේ – මදුරාගොඩ දෙස සිට රිදීගම දෙසට ගමන් කරන වාහන රුක් අත්තන හන්දියෙන් තල්ගොඩපිටියට ගමන් කර කුරුණෑගල – දඹුල්ල මාර්ගය භාවිතා කළ හැක.
Share




