spot_img
spot_img

ගෝඨාභය ආවෙත් නඩු ටික අයින් කර ගන්න – හිරුනිකා

යම් හෙයකින් ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක ජනාධිපති බවට පත් වුවහොත් ඔහු එම ධූරය දරන්නේ උපරිම මාස 6 ක කාලයකට පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

ඇය එහිදී සඳහන් කළේ, 2000 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි අනුර දිසානායක මන්ත්‍රීවරයා ජනතාව වෙනුවෙන් කිසිඳු ක්‍රියාමර්ගයක් නොගත් මන්ත්‍රීවරයෙක් බවයි.

එවැනි අයෙක්ගෙන් වත්මන් ශ්‍රී ලංකාව දියුණු කළ හැකි බව විශ්වාස කළ හැකිදැයි ඇය ප්‍රශ්න කර සිටියා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධූරය දරන්නේ උපරිම අවුරුදු 2 ක කාලයකට බව තමා මීට පෙර ප්‍රකාශ කළ බවත්, ඔහු ජනාධිපති බවට පත් වූයේ තමන්ට එරෙහිව පැවති නඩු කිහිපය ඉවත් කර ගැනීමට බවත් ඇය එහිදී ප්‍රකාශ කළා.

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළේ, ඊයේ මීරිගම ප්‍රදේශයේ පැවති සජබ දේශපාලන ජන හමුව අමතමින්.

ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, සජබ නායක සජිත් ප්‍රේමදාස යනු කිසිඳු වරදක් නොකළ ඉතා පිරිසිඳු දේශපාඥයෙක් බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...