spot_img
spot_img

ෂැන්ෂාන් සුළි කුණාටුව ජපානයට ළඟාවෙයි

ෂැන්ෂාන් සුළි කුණාටුව අද (29) අලුයම ජපානයේ ප්‍රධාන දකුණු දූපතක් වන කියුෂු වෙත ළඟා වි තිබෙනවා.

එරට බලධාරීන් විසින් පුද්ගලයින හට ඉවත් වන ලෙස උපදෙස් ලබාදී තිබෙන අතර සුළං සහ කුණාටු ඇතිවීම සඳහා ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටමද මේ වනවිට නිකුත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනව‍ා.

කාලගුණ කාර්යාලය පැවසුවේ මේ වසරේ ජපානයේ බලවත්ම සුළි කුණාටුව පෙරවරු 8:00ට පැයට කිලෝමීටර් 252 (සැතපුම් 157) දක්වා වේගයෙන් හමා ගිය බවයි.

නිවාස 254,610 ක් දැනටමත් විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ජපාන කාලගුණ විද්‍යා කාර්යාලය පවසන්නේ “ප්‍රචණ්ඩ කුණාටු, උස් රළ සහ උස් උදම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීම් Kagoshima කලාපයට නිකුත්කර ඇති බවයි.

“බටහිර ජපානයේ සිකුරාදා ළං වන විට අධික වර්ෂාව හේතුවෙන් ව්‍යසනයක් ඇතිවීමේ අවදානම ශීඝ්‍රයෙන් උත්සන්න විය හැකි බවයි එම කාර්යාලය සඳහන්කර තිබෙනවා

කුණාටුවත් සමඟ ධාරානිපාත වර්ෂාව ජපානයේ බොහෝ ප්‍රදේශවලට අඟහරුවාදා සිට ඇද හැලෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා.

southern Kyushu සඳහා හෙට උදෑසන සිට පැය 48 දක්වා මිලිමීටර් 1,100ක දැවැන්ත වර්ෂාපතනයක් ඇති විය හැකි බව ජපන් කාලගුණ කාර්යාලය වැඩිදුරටත් සඳහන්කර සිටිනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...