spot_img
spot_img

සේවකයෝ සමුළුවේ රෝගීහු මහ පාරේ තපිති

මහරගම අපෙක්ෂා රෝහලේ විකීරණ ඒකකයේ ප්‍රධානියා ඇතුළු චිකිත්සක නිලධාරීන් සියලු දෙනා එම ඒකකය වසා දමා සමුළුවකට සහභාගී වීම හේතුවෙන් එහි පැමිණි රෝගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව අද ආපසු හැරී ගියහ.

නිලධාරීන් සමුළුවට ඇත්තේ ඊයේ දින එම ඒකකය වසා ඇති බවට දැන්වීමක් ද ප්‍රදර්ශනය කිරීමෙන්අනතුරුවය.

අපහසුතාවට පත් වූ පිරිස අතර ඈත ප්‍රදේශවල සිට වාහන කුලියට ගෙන නිදිවරා ප්‍රතිකාර ගැනීමට ආ රෝගීහුය.

අහිංසක රෝගීන්ගේ ජීවිත බිල්ලට තබා විකීරණ අංශයේ සියලු දෙනා සමුළුවට සහභාගීවීම ඉතාම පහත් ක්‍රියාවක් බවට රෝගීහු චෝදනා කළහ.

මේ සම්බන්දව මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂක විශේෂඤ වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් අප කල විමසීමකදී මෙසේ පැවසීය.

විකිරණ චිකිත්සක නිලධාරීන්ගේ වාර්ෂික සමුළුවක් නිසා අද (28) දා විකිරණ ප්‍රතිකාර ඒකකය වහලා. වෘතියසමිතිවලින් පවත්වන සමුළුවලට සහභාගී වෙන්න එයාලය අයිතිය තියනවා . නමුත් ඒව‍ට සහභාගී වෙන්න ඕන රාජකාරී කටයුතුවලට බාධා නොවන විදියට . මේ නිලධාරීන් ඒ ක්‍රමවේදය අනුගමනය කරල නැහැ . ඒ නිසා මේ පිළිබඳව මම අමාත්‍යංශයට දැනුම් දීලා සිදුසු පිවරක් ගන්නවා .

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...