spot_img
spot_img

ජනාධිපති උපදේශකකම හම්බවුන අමුතු කෙනා මෙන්න

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුළුවන් ශ්‍රී ලංකා යනුවෙන් පැවසුවද ඔහුට පුළුවන් වන්නේ හොරු කප්පම්කාරයෝ රැකීමට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු 47 ක කාලයක සිට පාර්ලිමේන්තුවේ සිටින බවත් පාර්ලිමේන්තුවේ වසර පහක් සිටි ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ලෙස කටයුතු කරන ආශු මාරසිංහ මහතා ඔහුට උපදෙස් දෙන බවයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා :

“එදා රටේ ආර්ථික කඩපු එකා, මහ බැංකුව කොල්ල කාපු එකා රට වට්ටපු එකා කියලා කිව්වේ රනිල්ට. දැන් මේ ප්‍රසන්න රණතුංග අද රනිල්ගේ දෙපතුල් ලෙවකනවා. ලැජ්ජයි නෙවෙයි අප්පිරියයි. ජනාධිපති උපදේශක අර මිනුවන්ගොඩ ඉන්නේ බලු හාදයෙක් ඉන්නේ, දැන් ඒ මිනිහා ජනාධිපති උපදේශක නේද? මිනිහගේ උපදේශකකම මොකක්ද, ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ අවුරුදු 47ක් ඉඳලා තියෙනවා. මේ හාදයා ජාතික ලැයිස්තුවෙන් අවුරුදු 5යි හිටියේ. මේ හාදයාව දාලා තියෙනවා රනිල්ට පාර්ලිමේන්තුව ගැන උපදෙස් දෙන්න. හොඳයි අර වෙන සබ්ජෙක්ට් එකකට උපදෙස් දෙන්න දැම්මනම්. රනිල් කියනවා රනිල්ට පුළුවන් කියලා. රනිල්ට පුළුවන් හොරු කප්පම්කරුවෝ රකින්න විතරයි. ඒකනේ ප්‍රසන්නව රකින්නේ”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...