spot_img
spot_img

සමහර අයට මන්ත්‍රීකම ලැබුණම ජන්මෙත් අමතක වෙනවා – සජිත්

ජනතා වරමින් මන්ත්‍රීධුර ගෙන වාසි සොයා පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනය නතර කිරීම සඳහා නව නීති ගේන ඒමට සමගි ජන බලවේග රජයක් යටතේ කටයුතු කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා පවසන්නේ, ඇතැම් පිරිස් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලැබුණු පසු අම්මා තාත්තා ජන්මය අමතක වන බවත් ඔවුන් ජනතාවගේ ඡන්දයෙන් ගොස් ආදාහන භුමදාන ගැටලුවේදී ගෝඨාභය රාජපක්ෂට අත ඉස්සු බවයි.

ඉස්ලාම් ජනතාවගේ සංස්කෘතික හා ආගමික අයිතිය ආරක්ෂා කළේ, තමා ඇතුළු සමගි ජන බලවේගය බවයි ඔහු පවසන්නේ.

අම්පාර පොතුවිල් සහ සමන්තුරේ ප්‍රදේශවල පැවති ජනහමුවලදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

බියර් පර්මිට් වයින් ස්ටෝස්වලට පගාවට සල්ලිවලට ජනතා වරම විකුණා දැමු පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනය නතර කිරීමට පවතින නීති ශක්තිමත් කර වාසියට පක්ෂ මාරු කරන දේශපාලනයට නැවතීමේ ලකුණ තබන බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළා.

ආර්ථික මර උගුලක පැටලී ජනතාව විනාශයකට ලක්ව ඇති තීරණාතමක අවධියේ රට ගොඩගැනීමට අවශ්‍ය ආර්ථික දර්ශනය ඇති දක්ෂයෝ සිටින්නේ සමගි ජන බලවේගය සතු නිසා විශාල වැඩකොටසක් සිදු කළ හැකි බවත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු පවසන්නේ, කිරි ගොවියන්ට අවශ්‍ය තෘණ භූමි ලබා දීම ඇතුළු ජනතාවගෙ ඉඩම් ගැ⁣ටලුවට විසදුම් ලබා දීම සදහා ජනාධිපති ඉඩම් කාරක සභාවක් ඇති කර ඒ හරහා ලංකාවෙම ඉඩම් ගැටලුවට තිරසර විසදුම් ලබා දෙන බවයි.

අනික් දිස්ත්‍රික්කවල ජනතාවට හානි නොවන ආකාරයට හැඩ ඔය ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවත් සැප්තැම්බර් 21 වැනිදා ජයග්‍රහණය කර ඉඩම් නොමැති ජනතාවට ඉඩම ලබා දී නිවසක් නොමැති ජනතාවට නිවසක් ලබා දී නැවත වරක් ගම් උදා යුගය බිහි කරන බවත් ඔහු සඳහන් කළා.

ජනතාව දුප්පත්කමින් මුදවා ගන්න සමෘද්ධිය ජනසවිය අස්වැසුම ආදී වැඩසටහන් හි හොද ගුණාංග එක් කර නව දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් දියත් කරන බවත් ඒ යටතේ මාස 24 ක් තුළ මාස්පතා රු.20000 බැගින් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පලස්තීන ජනතාව වෙනුවෙන් තමා පෙනී සිටිනවා සේම ආදාහන භුමදාන ගැටලුවේදී මුස්ලම් ජනතාවට බලපෑම් කළ සියලු දෙනාට වන්දි ගෙවන්න සිදුවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...