spot_img
spot_img

රනිල් නම් අපිට කජ්ජක් නෑ – රවුෆ් හකීම්

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග තරඟ කිරීමට කිසිඳු අභියෝගයක් නොමැති බවත් ඔහු ජනාධිපතිත්වයෙන් 4 වෙනි අපේක්ෂකයා ලෙසවත් සුදුසුකම් ලැබෙයිද යන්න සිතෙන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, සේරුවිල ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවුෆ් හකීම් මහතා :

” අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම දැන් අපිට මේ රනිල් නම් කජ්ජක් නෑ. 3 වෙනියට නෙවෙයි 4වත් වෙයිද දන්නේ නෑ. ඒ වගේ තත්වයක් තමයි වෙලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහයන් එතුමන් අගමැති වෙලා හිටිය කාලේ දූෂණ විරෝධි කමිටුවක් කියලා එකක් පත් කළා.ඒ කමිටුවේ මාත් හිටියා. ඒකේ ප්‍රධානතම පුරුකක් තමයි මේ රතු සහෝදරයන්ගේ අපේක්ෂකතුමන්. ඔන්න ගෝඨාභය රාජපක්ෂලා දිනලා ආණ්ඩු පිහිටුවට පස්සේ මේ දූෂණ විරෝධි කමිටුවේ ක්‍රියා කලාපය ගැන ජනාධිපති කොමිසමක් පත් කරලා විමර්ෂනයක් පටන් ගත්තා. ඒවට දඬුවම් දෙන්න. මොකද මේ ජනාධිපති කොමිසම හරහා අපේ ප්‍රජා අයිතිවාසිකම් ඇතුළුව නැති කරන්න පුළුවන්. ඒකට උත්සහයක් තිබුණා, ඒ ගැන නොතීසි ආවම අපේක්ෂකයෝ හැටියට පෙනී හිටින අය කොච්චර බය වුනාද කියන එක මමනේ දන්නේ. නිතරම ඇවිල්ලා අහනවා මොකක් වෙයිද කියලා. මමනම් ඔය රැස්වීම්වලට වැඩිය ගියේ නෑ. රජයේ නිල වචයෙන් පත් කරපු දූෂණ විරෝධි කමිටුවේ මම හිටියා කියලා කියන්නවත් බය වුණා. වැඩි වැඩියෙම බය උනේ ඔන්න ඔය උන්නැහැ තමයි. දැන් උන්නැහැ තමයි ආපහු දූෂණ විරෝධි කමිටුව ගැන කතා කරන්නෙත් ෆයිල් උස්සන් යන්නෙත්.

ඊ වීසා වංචාව කියන මේ රටේ විශාලතම වංචාව, සංචාරකයින්ගෙන් විශාල පොකට් ගැහිල්ලක් ඒ ගැන මේ දූෂණ විරෝධය පිළිබඳව කතා කරන අපේ අපේක්ෂකතුමා නිහඬයි. මොකද එකේ පිටුපස ඉන්නේ මිත්‍රයෝ”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...