පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහිම්ට අද (06) දිනයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීම අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව, අද දින සිට මාසයක කාලයකට එම අත්හිටුවීම පනවා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම්දී තිබුණා.
නීති විරෝධී ලෙස මෙරටට රත්රන් ගෙන ඒමේ සිදුවීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්රසාද පිළිබඳව කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශවලට අනුව මෙම තීරණය ගෙන තිබෙන බවට වාර්තා වනවා.
Comments




