spot_img
spot_img

පක්ෂ කාර්යාලවලට මැතිවරණ කොමිසමෙන් උපදෙසක්

ජනාධිපතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන තාවකාලික කාර්යාලවල අදාළ පක්ෂයේ ජනපති අපේක්ෂකයාගේ ඡායාරූපය හැර වෙනත් කිසිවකුගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පවසනවා.

අදාළ කාර්යාලවල ප්‍රදර්ශනය කළ හැක්කේ අදාළ පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයාගේ ඡායාරූපය ඡන්ද සලකුණ පමණක් බවද ඔහු කිය සිටියා.

ඔහු සඳහන් කළේ, එලෙස ඉදිකර තිබෙන තාවකාලික කාර්යාලවල ජනාධිපති අපේක්ෂකයාගේ ඡායාරූපයට අමතරව ආසන සංවිධායකවරුන් ඇතුළු වෙනත් අයගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන බවට මේ වනවිට පැමිණිලි ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන ලෙස පොලිසිය දැනුවත් කර ඇති බවයි.

මැතිවරණ කොට්ඨාස 160 ක් තුළ ඡන්ද කොට්ඨාස 13134 ක සහ මැතිවරණ කොට්ඨාසයකට එක් කාර්යාලයක් දිස්ත්‍රික් එක් කාර්යාලයක් වශයෙන් ජනාධිපති ධූර අපේක්ෂකයන් 39 දෙනා සදහා කාර්යාල විවෘත කිරීමට අවසර ලබා දී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...