spot_img
spot_img

සජිත් ඒ ගමන IMF යන්න ලෑස්තියිලු

ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

අද (27) නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියා.

එහි සඳහන් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, යෝජනා සහ කොන්දෙසි ලෙස රටේ ජනතාව පීඩනයට පත් කරනු ලබන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ක්‍රියා පිළිවෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැබෑ අදහස නොවන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ගිවිසුම් සහ එයට අදාළ අනෙකුත් කරුණු පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විඩියෝ සාකච්ඡාවකට තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බවත් එම සාකච්ඡාවට සමගි ජන බලවේගය ඇතුළු පාර්ශ්ව වලට සම්බන්ධ වී අදහස් දැක්විය හැකි බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

රටේ ආර්ථික අර්බුදය හමුවේ රට බංකොලොත් ලෙස ප්‍රකාශ කිරීමට පෙර, පළමුවෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු යැයි ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ලංකාවට පැමිණි සෑම අවස්ථාවකම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුව මුණගැසි සාකච්ඡා කර ඇති බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කර තිබෙනවා.

ඒ සෑම අවස්ථාවකදීම සාමාන්‍ය ජනතාගේ ජීවිතයට බලපාන කොන්දෙසි වෙතොත් ඒවා සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළ බවත් ඔහු පවසනවා.

එබැවින් ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට සිය පක්ෂය සූදානම් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් .

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...