spot_img
spot_img

පක්ෂය රන් කරන්නේ සජිත් නෙවෙයි එයාගේ බිරිඳ – ප්‍රසන්න

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළහොත් රට පාලනය කරන්නෙ ඔහු නොව ඔහුගේ බිරිඳ,නැගණිය ඇතුළු “ප්‍රේමදාස”පවුලේ සමාගම බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, ශාපලත් පවුල් පාලනයෙන් රට බේරා ගැනීමට නම් මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ යුතු බවයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ යනු මෙරට දේශපාලනයේදී බොහෝ දෙනෙකුට මඟ හැරැණු ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු බවද අමාත්‍යවරයා පවසනවා.

මිනුවන්ගොඩ, ප්‍රදේශයේ ඊයේ (26) පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා :

“පවුල් පාලනය කියන්නේ රටකට සාපයක්. පවුල් පාලනයෙන් කිසිම රටක් දියුණු වෙලා නෑ.පවුල් පාලනය ගැන කතා කරන කොට හැමෝම කතා වෙන්නෙ රාජපක්ෂ පවුල් පාලනය ගැන. හැබැයි ප්‍රේමදාස පවුල් පාලනය ගැන කතා වෙන්නෙ අඩුවෙන්.

2015 -2019 කාලයේ සජිත් නිවාස ඇමති.ඒ කාලේ නිවාස අමාත්‍යාංශයේ වැඩිපුර ගැවසුනේ ඇමති සජිත් නෙමෙයි.එයාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස.අද සජබය තනිකරම පවුල් පාලනයකට නතුවෙලා. පක්ෂය රන් කරන්නේ සජිත් ප්‍රේමදාස නෙමේ.එයාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස සහ ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකා. දැන් සජිත් ගේ නංගි දුලාංජලිත් වැඩේට බැහැලා මම බොරු කියනවනම් සජබ මන්ත්‍රීවරුන්ගෙන් මේ ගැන අහල බලන්න.මේ පවුල් පාලනය නිසා සජබෙ ඉන්න හුඟක් මන්ත්‍රීවරු ඉන්නේ කලකිරීමෙන්.⁣

බැරිවෙලාවත් සජිත් දිනුවොත් රට පාලනය කරන්නේ සජිත් ප්‍රේමදාස සහ පවුලේ සමාගමයි.සජිත් ගේ ආණ්ඩුවේ ඇමැතිවරු පඹයන් බවට පත්වෙනවා. ඒ වගේම අනුර කුමාර දින්නත් රට නැවත ගල් යුගයට යනවා.ලාල් කාන්ත කරන කතා අහගෙන ඉන්නකොට අපිට හිතෙන්නේ ඔහු අවසිහියෙන් කතා කරනව කියලයි. ජේ.වී.පී එකේ ලේ පිපාසිත නූගත් මිනිස්සු එක්ක රටක් පාලනය කරන්නෙ කොහොමද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ පවුල් පාලනය ප්‍රතික්ෂේප කරපු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ජනාධිපතිතුමාගේ බිරිඳ රැස්වීමකට වත් ඉන්නේ නෑ. ඇමතිවරු වන අපේ වැඩවලට වික්‍රමසිංහ පවුලේ සාමාජිකයෝ ඇඟිලි ගහන්නෙ නෑ. රනිල් වික්‍රමසිංහය කියන්නේ නියම ප්‍රජාතන්ත්‍රවාදී ගතිගුණ තියෙන නායකයෙක්.

රනිල් වික්‍රමසිංහ කියන්නේ දේශපාලනඥයන් වෙච්ච අපිටත් ඡන්ද දායකයන් වන ඔබටත් බොහෝ කල් මගහැරුණු දේශපාලන නායකයෙක්. ජාතික අර්බුදයකින් රටක් ගොඩ ගන්නේ කොහොමද කියලා ක්‍රියාවෙන් ඔප්පු කළේ නායකයෝ දෙන්නයි.එක්කෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිත් කෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ.

එදා එල්.ටී.ටී. ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගන්න මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන නායකත්වය ඉතා වැදගත් වුණා.අද ආර්ථික අර්බුදයෙන් රට බේරාගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලන නායකත්වය ඉතා වැදගත් වුණා.ඒකයි මම හැමදාම කියන්නේ සජිත් ප්‍රේමදාස ,අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ තවම ඉන්නෙ නායකත්වයට හුඟාක් දුරින් කියල.තැන් තැන්වල කයිවාරු ගහන්නේ නැතුව ඒ මහත්වරු රටක් පාලනය කරන ආකාරය ගැන තව හුඟාක් දේවල් ඉගෙන ගන්න ඕන”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...