spot_img
spot_img

මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකේදී අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වන වාර්ෂික සමුළුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදස් දැක්වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා :

“ඔබ සියලුදෙනා දන්නා පරිදි දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ආර්ථිකයේ මැදිකාලීන සහ දීර්ඝකාලීන වර්ධනයට අවශ්‍යවන, එහි නොසැලෙන ස්ථාවරත්වයට ගොඩගැනීම සඳහා වූ පියවරවලින් සමන්විතයි. මෙම ප්‍රතිසංස්කරණ කෙටිකාලීනව වේදනාකාරී වුවත්, ආර්ථික තිරසර පරිපුර්ණ වර්ධන මාවතක් කරා යොමුකිරීම සඳහා දිගු කාලයක් පමාවී තිබූ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ කැපවීම වැදගත්. එවැනි උත්සාහයක් කොතෙක් ක්‍රියාත්මක වුවත් ඕනෑම දේශපාලනමය හෝ සමාජීය අවිනිශ්චිතතාවක් හෝ දැඩි ප්‍රයත්නයකින් ළඟා කරගත් ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත්, ප්‍රතිංස්කරණ ක්‍රියාවලියට දැඩි පීඩනයක් එල්ල වනවා වගේම ආර්ථිකයේ අපේක්ෂිත ගමන් මඟ වෙනස්කර ආර්ථිකයට හානිකර නැවත ගොඩනැගිය නොහැකි අන්දමේ බලපෑමක් ඇති කර, පසුගිය වසර දෙකේදි අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකියි. වර්තමාන ස්වෛරීත්ව ණය අර්බුදය හමුවේ අතීතයේ මෙන් ඉහළ වැයකිරීම් සහ බදු අඩුකිරීම් මඟින් ආර්ථිකය වර්ධනයක් කරා යොමු කිරීම සඳහා රජයට කිසිඳු මූල්‍ය අවකාශයක් නැහැ. මූල්‍ය සහ ණය තිරසරභාවයක් නැවත ස්ථාපිත කිරීම වර්තමානයේ මෙන්ම අනාගතය උදෙසා වු මූලික අවශ්‍යතාවයි.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...