spot_img
spot_img

අධිකරණය ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් නැති වෙලා

පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙන්නේ, අදාළ නියෝග ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා සැලකිල්ලට භාජනය කර නොමැති බවයි.

කෲර වධ හිංසන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

විනිසුරුවරයා කියා සිටියේ, පසුගිය කාලසීමාව තුළ පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් වධ හිංසාවලට භාජනය වීම වැළැක්වීම සඳහා විවිධාකාර නියෝග, අවවාද, මාර්ගෝපදේශ අධිකරණය විසින් නිකුත් කර තිබූ බවයි.

නමුත් ඒ පිළිබඳව ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා සැලකිල්ලක් දක්වා නොමැති අතර කිසිදු වාර්තාවක් හෝ ඉදිරිපත් කර නොමැති බව විනිසුරු තුරෙයි රාජා මහතා පෙන්වා දී තිබෙනවා.

2009 වසරේ කැලණිය විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කළ විරෝධතාවයකදී පොලීසිය විසින් තමන්ට පහර දී අවමන් සහගත ආකාරයෙන් සැලකූ බවට චෝදනා කරමින් එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරින් දෙදෙනෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා විසින් මෙම අදහස් පළ කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...