spot_img
spot_img

විදෙස් රැකියා සිහින පෙන්වූ පුද්ගලයෙක් කොටුවෙයි

කැනඩාවේ රැකියා අවස්ථා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් රුපියල් හාර කෝටි 63 ලක්ෂයකට අධික මුදලක් වංචා කර සැඟව සිටි බවට පවසන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න සැකකරු ලබන 09වැනි දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ(26) නියෝග කළා.

සැකකරුට එරෙහිව මේ වන විට පැමිණිලි හතලිහකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත්, සැකකරු ඉකුත් (25)දින අත්අඩංගුවට ගත් බවත් කොළඹ වංචාව විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රෂින්ත පියරත්න මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසුවා.

සැකකරු 2017 වසරේ සිට මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු ඇති බවත්, සැකකරුට එරෙහිව තවමත් පැමිණිලි ලැබෙමින් පවතින බැවින් හා විමර්ශන අවසන් නොමැති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 09 වැනි දින දක්වා බන්ධනාගාර ගත කරන ලෙසද නියෝග කළා.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...