spot_img
spot_img

ඡන්දෙට බෙදපු කෘතීම රා ගැන PHI ලා කට අරී

ඡන්ද අල්ලසක් ලෙස වතුකරයේ ජනතාවට බෙදා හරින බව පවසන කෘත්‍රීම රා පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍යට අහිතකර ඒවා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

ඔහු පවසන්නේ, සිදුකළ මූලික විමර්ශනවලදී එය අනාවරණය වූ බවයි.

ඡන්ද අල්ලසක් ලෙස රා බෙදා හරින බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් විසින් තම සංගමයට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ මූලික විමර්ශනයකදී මේ බව අනාවරණය වූ බවද උපුල් රෝහණ මහතා සඳහන් කළා.

එම පැමිණිල්ලට අනුව තම සංගමයට සිදුකළ හැක්කේ සෞඛ්‍යමය පරිහානිය ගැන සොයා බැලීම වන අතර ඒ පිළිබඳව ඉතා විධිමත් පරීක්‍ෂණයක් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කරගෙන තිබෙන බවද වතුකරයේ ජනතාව වෙත ගොස් එම පරීක්ෂණය සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන බවද උපුල් රෝහණ මහතා පැවසුවා.

මෙලෙස කෘත්‍රීම රා බෝතල් පරිභෝජනය හේතුවෙන් ඇතැම් කම්කරුවන් දින ගණනාවක් රැකියාවලට නොපැමිණෙන බවට වතු පරිපාලන අධිකාරිය විසින්කරන ලදැයි කියන පැමිණිල්ල පිළිබඳව තම සංගමයේ විශේෂ අවධානයක් යොමු වී තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සති දෙකක පමණ කාලයක සිට වතුකරයේ ඡන්දදායකයන් අතර මෙලෙස මහා පරිමාණයෙන් රා බෙදා හරිමින් තිබෙන අතර ඇතැම් පිරිස් කලහකාරී ලෙස හැසිරෙන්නට පටන්ගෙන ඇති බවට එම පැමිණිල්ලේ සඳහන්ව තිබෙනවා.

එමෙන්ම ජනාධිපති අපේක්ෂකයන් සඳහා පවත්වන මැතිවරණ රැලි සඳහා වතුකරයේ ජනතාව සහභාගී කරවා ගැනීමට, බෝතල් කළ බාල තත්ත්වයේ ‘රා’ නොමිලේ බෙදාදෙන බවට පැමිණිලි ගණනාවක් තමන් වෙතත් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කර සිටියා.

මේ සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ නිසි ප්‍රමිතියකින් තොර රා බෝතල් වතුකම්කරුවන්ට ලබාදීම හේතුවෙන් ඔවුන් සේවයට වාර්තා කිරීම ද අඩාල වී ඇති බවයි.

ඒ හේතුවෙන් වතු කම්කරුවන්ගේ කාර්යක්ෂමතාව ද පහළ වැටී ඇති බවට වතු අධිකාරිවරු ඇතුළු වතු පාලනාධිකාරීන් විසින් පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බව ඔහු පවසා තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...