spot_img
spot_img

අනුර ජනාධිපති උනාම මුලින්ම කරන්නේ රනිල්ගේ වත්කම් හොයන එක – සුනිල් හඳුන්නෙත්ති

ඉදිරි ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස පත්වූ පසුව මුලින්ම කරන කාර්යයක් වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් කිරීම බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.

ජනාධිපතිවරයා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශය අනුව මෙම විමර්ශන සිදු කරන බවයි ඔහු පවසන්නේ.

ජාතික ජනබලවේගයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හදුන්නෙත්ති මහතා ;

“දැන් අනුර දිසානායක සහෝදරයාගෙ වත්කම් බැරකම් ඔහු කියලා තියෙන ප්‍රමාණයට වඩා රනිල් වික්‍රමසිංහගේ අඩුයි කියනවා නම් ඒකම පිළිගන්නවාද මේ රටේ මිනිස්සු? ඒකම බොරුවක්නෙ. එතනත් වංචාවක්නෙ කරලා තියෙන්නෙ.

මොකද මේ රටේ ජනතාව දන්නවා හොඳටම රනිල් වික්‍රමසිංහලා හම්බකරගත්ත ඒවා කොහොමද තියෙන්නෙ කියලා. මහ බැංකුවෙන් ගහපුවා තියෙනවා, ඒවා හැබැයි ඔය එකවුන්ට්වල නෙවෙයි තියෙන්නෙ. ඒවා තියෙන්නෙ වෙන එකවුන්ට්වල. ඒකත් හංගලා තමයි ගහලා තියෙන්නෙ.රනිල් වික්‍රමසිංහගේ වත්කම් බැරකම් ප්‍රකාශය හරිද කියලා හොයන එක මං හිතන්නෙ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වෙලා මුලින්ම කරන්න ඕනෙ වැඩක්”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...